බුද්ධගයා ප්‍රහාරයේ තොරතුරකට ලක්ෂ 10 ක්.

Wednesday, 10 July 2013 - 12:47

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+10+%E0%B6%9A%E0%B7%8A.

බුද්ධගයාවේ මහබෝධි විහාර පරිශ්‍රයට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට විරෝධය පළ කරමින් බොදුබල සේනා සංවිධානය හා රාවණා බලය සංවිධානය අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා. කොල්ලූපිටිය හන්දියේ සිට විරෝධතා පාගමනින් පැමිණි බොදුබල සේනා සංවිධානයේ සාමාජිකයන් සහ ගාලූමුවදොර මංසන්ධියේ සිට පැමිණි රාවණා බලය සංවිධානයේ සාමාජිකයන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ඒකාබද්ධ වී මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ. විරෝධතාවය අතරතුර හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති හිමියන්.

[MP3]s62722_1[/MP3]

විරෝධතාවයට එක්වූ රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්.

[MP3]s62722_2[/MP3]


මේ අතර, බුද්ධගයා ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට ඉන්දීය රුපියල් ලක්ෂ 10 ක ත්‍යාගයක් ලබාදීමට සූදානම් බව ඉන්දීය බිහාර් ප්‍රාන්ත රජය ප්‍රකාශ කර තිබෙනවා. මෙම තොරතුරු ඉන්දීය විශේෂ පරීක්ෂණ ඒකකය වෙත ලබාදෙන ලෙසයි බිහාර් ප්‍රාන්ත රජය ඉල්ලීමක් කර ඇත්තේ.

 

බෝම්බ ප්‍රහාරයකට ලක්වූ බුද්ධගයාවේ මහබෝධි විහාර පරිශ්‍රය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සහ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය සුෂිල් කුමාර් ෂින්ඬේ විසින් අද නිරීක්ෂණය කිරීමට නියමිතයි. මීට පෙර ඉන්දීය දේශපාලන නියෝජිතයන් රැසක් එහි තත්ත්වය නිරීක්ෂණය කරනු ලැබුවා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු ඊයේ දිනයේ දී ද හඳුනා ගත් අතර, ඉන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories