රිය අනතුරක් කර පළාගිය මීගමුව නගරාධිපතිට ඇප.

Wednesday, 10 July 2013 - 18:53

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4.

රිය අනතුරක් සිදු කර පළායෑමේ චෝදනාව සම්බන්ධයෙන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට බාර වූ මීගමුව නගරාධිපති ඇන්ටන් ජයවීර රුපියල් 10,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මීගමුව ප්‍රදේශයේදී තමන් පැදවූ රථයට පුද්ගලයෙකු යට කර පළායාම සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබුණා.  සිද්ධියෙන් තුවාල ලැබූ ලූනාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.   

ප්‍රාදේශීය දේශපාලනඥයින් විසින් ජනතාව පීඩාවට පත්කිරීමේ පුවත් රැසක් පසුගියදා වාර්තාවුණා. කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නේද පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මතයි. වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ගුරුවරියක දණ ගැස්සවීමේ සිද්ධිය පිළිබඳවද සමාජයේ ඇතිවූයේ පුළුල් කථාබහක්.

මේ අතර බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයේ කටයුතු පිලිබඳ අමාත්‍ය  ඇලෙක්ස්ටෙයාර් බර්ඞ්, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් හමුවී තිබෙනවා. එහිදී 2011 වසරේදී තංගල්ල ප්‍රදේශයේදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කර ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. ඇලෙක්ස්ටෙයාර් බර්ඞ් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව මේ සම්බන්ධයෙන් වන නඩු විභාගය පැවැත්විය යුතු  බවයි.
 
තංගල්ල - මැඬිල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් තුළදි මෙම වෙඩි තැබීම සිදුවූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories