ඔරුගොඩවත්ත නව මහල් නිවාස ව්‍යාපෘතිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා විසින් ඊයේ මුල්ගල තබනු ලැබුවා. කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිවෙන මෙම මහල් නිවාස සංකීර්ණය නිවාස ඒකක 1500 කින් සමන්විතයි. මෙහි වැඩ මාස 33 කින් අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4 000 ක්. අක්කර 5 ක භූමි ප්‍රදේශයක් පුරා ඉදිවන මෙම නිවාස සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියේ පුනර්ජනනීය ව්‍යාපෘති මාලාවේ 18 වන ව්‍යාපෘතියද වනවා. එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පැවසුවේ කොළඹ නගරයේ අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාව වෙනුවෙන් නව නිවසක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.
[MP3]s62766[/MP3]
Follow US
Most Viewed Stories