පකිස්ථාන ජනපතිගේ ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කෙරේ.

Thursday, 11 July 2013 - 8:20

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.



පාකිස්ථානයේ කරච්චි නුවර සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පකිස්ථානු ජනාධිපති අසීෆ් අල් සර්දාරිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් බිලාල් ශෙයික් නැමති ජනාධිපති ප්‍රධාන ආරක්ෂක නිලධාරියා සහ තවත් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මොහු ගමන් ගත් වෙඩි නොවදින රථය බෝම්බ ප්‍රහාරයට ලක්වීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වි ඇති බව සඳහන්. මේ අතර සිය ආරක්ෂක ප්‍රධානියා ඝාතනය කිරීමේ සිද්ධිය පාකිස්ථානු ජනාධිපති අසීෆ් අල් සර්දාරි දැඩි ලෙස හෙළා දැක ඇති බවද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories