විවෘත වරෙන්තු 98 යි - පියා සහ දියණිය අත්අඩංගුවට.

Thursday, 11 July 2013 - 18:54

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+98+%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරෙන්තු 98 ක් ඇති කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ දියණියක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉතාලියේ රැකියා ලබාදෙන බවට සපුගස්කන්ද ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු 49 ක් සඳහා නිකුත් කර තිබූ විවෘත වරෙන්තු 98 ක් සම්බන්ධයෙනුයි මෙම සැකකරුවන් දෙදෙනා අද (11) අළුයම අත්අඩංගුවට ගත්තේ. මාකොල ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ දියණිය මෙලෙස වංචා කර ඇති මුදල රුපියල් කෝටි තුනහමාරකට ආසන්නයි.

සැකකරුවන් මාතර - මොරවක ප්‍රදේශයේ සැඟව සිටියදී අද අත්අඩංගුවට ගනු ලැබුවේ සපුගස්කන්ද පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්. සැකකරුවන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන් හෙට (12) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහර අධිකරණය අද (11) නියෝග කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories