උතුරට මු.කො. තනිවෙන ලකුණු. - පෙරටුගාමීන්ගේ තීරණය ඉරිදා

Friday, 12 July 2013 - 12:37

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%AD%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.+-++%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග වැදීමට සූදානම් වනවා. නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදීත් ඔවුන් ඊට පක්ෂයක් ලෙස තනිව තරග කළා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ඉදිරියේදී රැස් වන පක්ෂ උත්තරීතර මණ්ඩලයේදී ගන්නා බවයි එම පක්ෂයේ භාණ්ඩාගාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී අස්ලම් මොහොමඞ් කියා සිටියේ.

[MP3]s62860_1[/MP3]

ආණ්ඩුවේ තවත් හවුල්කාර පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය ද මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී දිස්ත්‍රික් දෙකකට තනිව තරග වැදීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොන්ඩමාන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මේ අනුව, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක සඳහා තම පක්ෂය තනිව තරග කරන බවයි. කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණින් ඉවත් වී, වෙනම පක්ෂයක් පිහිටුවා ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ දක්වා මැතිවරණවලට ඉදිරිපත් වී නැහැ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය විමසා සිටියේ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩගෙන්. ඔහු කියා සිටියේ ලබන ඉරිදා රැස්වන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

[MP3]s62860_2[/MP3]                                                 

මේ අතර, ජාතික ගැටලූවලට විසඳුමක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ සකස් කර ඇති නව යෝජනාවලිය මේ මස 24 වැනිදා එළිදක්වන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ප්‍රධාන ලේකම්වරයා.

[MP3]s62860_3[/MP3]                                        


දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් මැතිවරණය සඳහා සිය මහඇමති ධුර අපේක්ෂකත්වය පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක නිරත වන බව සඳහන්. පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ මාවෙයි සේනාධිරාජා හෝ හිටපු විනිසුරුවරයෙකු වන සී.වී. විග්නේෂ්වරන් ඒ සඳහා නම් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories