අවතැන් ඡන්ද ඉල්ලූම්පත් සියයට 56 ක් පිළිගැනේ.

Friday, 12 July 2013 - 12:42

%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+56+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

අවතැන් ඡන්ද හිමියන්ට සහන සැලසීම යටතේ ඉදිරිපත් වූ අයදුම්පත්‍ර 4989 ක් පිළිගෙන ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඔහු කියා සිටියේ අයදුම්පත්‍ර 10,243 ක් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබී තිබූ අතර ඉන් සලකා බැලූ සංඛ්‍යාව 8831 ක් බවයි. ඒ අනුව, සලකා බැලූ අයදුම්පත්වලින් පිළිගත් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 56 ක්. රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය.

[MP3]s62862_1[/MP3]

මේ දිනවල සිදුකෙරෙන ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු සම්බන්ධයෙන් ද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මෙතෙක් ගණන් ගැනීමේ ලේඛණ නොලැබුණු ඡන්දදායකයෙක් වේ නම් ඒ පිළිබඳව මැතිවරණ කාර්යාලය දැනුවත් කරන ලෙසයි.

[MP3]s62862_2[/MP3]                 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories