යටියන්තොට සභාපතිත් අල්ලස් දැලේ.

Friday, 12 July 2013 - 18:35

%E0%B6%BA%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.

රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබා ගත් යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ඞී. වසන්ත කුමාර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගත්තා. කුකුළු ගොවිළකට බලපත්‍රයක් ලබාදීම සඳහා කුකුළු ව්‍යාපාරිකයෙකුගෙනුයි සභාපතිවරයා මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ. අදාළ අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේ ප්‍රාදේශීය සභා කාර්යාලය තුළ දීම අද (12) පස්වරුවේ යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සෝමවීර ලොකුගේ ප්‍රකාශ කළා. මීට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් අදාළ ව්‍යාපාරිකයාගෙන් ලැබී තිබුණා. ඒ අනුව අත්අඩංගුවට ගත් සභාපතිවරයාගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටින අතර, ඉදිරියේ දී ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ.

 

පසුගිය කාලය තුළ මෙවැනි අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් පිළිබද පළාත් පාලන නියෝජිතයන් රැසකට චෝදනා එල්ල වුණා. එහි ආසන්නතම සිද්ධිය වාර්තා වුණේ පසුගිය ජුලි 6 වන දායි. එදින රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබා ගැනීමට තැත් තළ කළුතර - වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. පස් ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීම සඳහා බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් මෙම අල්ලස් මුදල ලබා ගැනීමට ඔහු තැත් කිරීම ද විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories