ජනතාවට අසාධාරණයක් සිදුනොවීමට වග බලා ගන්නා බව පා.ම. මන්ත්‍රී දුමින්ද සිල්වා කියයි.

Friday, 12 July 2013 - 19:06

%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B6%9C+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F.%E0%B6%B8.+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පෑලියගොඩ පැරණි කැළණි පාලමට සමාන්තරව නව පාලමක් ඉදිකිරීමේදී නිවාස සහ දේපළ අහිමි වන පුද්ගලයින්ට අසාධාරණයක් සිදුනොවීමට තමන් වගබලා ගන්නා බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පවසනවා. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පාලම ඉදිකිරීමේදී නිවාස අහිමිවන පුද්ගලයන්ට ඒ ආසන්නයේම නිවාස ලබාදීමට කටයුතු කරන බවයි.

 

කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය සම්බන්ධ කරමින් කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබෙනවා. එහි අරමුණ වන්නේ අදාළ මාර්ගවල වාහන තදබදය අවම කිරීමයි. මංතීරු 04 කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 45 ක්. පාලම ඉදිකිරීමේදී බලපෑම් එල්ල වන ඔරුගොඩවත්ත, සේදවත්ත, නවලෝකපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ අදහස් දැනගැනීමේ හමුවක් කොළඹ පදනම් ආයතනයේදී  පැවැත්වුණා. වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. අදාළ ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව ප්‍රශ්න කළේ මෙලෙසින්.

 
[MP3]s62892_1[/MP3]                                                               

එහිදී අදහස් දැක්වු වරාය සහ මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල.

 

[MP3]s62892_2[/MP3]                                                                                

 

ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා.

 
[MP3]s62892_3[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories