ශ්‍රී ලංකා ධීවරයින්ට, ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක්.

Saturday, 13 July 2013 - 12:42

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කළ ඉන්දීය ධීවර බෝට්ටු කිහිපයකින් තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බවට මන්නාරම් මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් චෝදනා කරනවා. එහිදී ඉන්දීය බෝට්ටුවල සිටි ධීවරයින් විසින් සිය දැල් ආම්පන්නවලට අලාභ හානි සිදුකළ බවයි මෙරට ධීවර බෝට්ටුවක සිටින ධීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. මේ සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත දැනුම්දීමක් සිදුකළ බව ද සඳහන්. ඉන්දීය ධීවරයින්ගේ ප්‍රහාරය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ධීවර බෝට්ටුවක සිටින ධීවරයෙකු වන ෂේවියර් නියොමාල් ප්‍රනාන්දු.

[MP3]s62931[/MP3]

 
කෙසේ වුවත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විමසීමක් කළ අතර එහිදී නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ අධිවේගී නාවික යාත්‍රා දෙකක් අදාළ ප්‍රදේශයට පිටත් කර යැවූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories