කාලගුණේ ගැන ධීවරයන්ගේ සැලකිල්ල මදි - නාවික හමුදාව.

Saturday, 13 July 2013 - 19:06

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92+-+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන පූර්ව කාලගුණ නිවේදන පිළිබඳව ධීවර ප්‍රජාව නිසි සැලකිල්ලක් නොදැක්වීම නිසා, ධීවරයින් මුහුදේදී අනතුරට ලක්වන අවස්ථා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පෙන්වා දෙන්නේ දිවයිනට බටහිර සහ දකුණු මුහුදු තීරයන්හිදී මෙලෙස විවිධ කරදරවලට මුහුණ පෑ ධීවරයින් සහ ධීවර බෝට්ටු පසුගිය කාලය තුළ වැඩි වශයෙන් බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කළ බවයි. එමෙන්ම, ධීවරයින් ජීවිතාරක්ෂක කබායන් රැගෙන නොයෑම මෙම තත්ත්වයන්ට තවත් හේතුවක් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පෙන්වා දෙනවා.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ පසුගියදා දකුණු මුහුද තීරයේ ඇති වූ සුළි කුණාටු තත්ත්වයෙන් පසු සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 කට වැඩි වේගයකින් හමා යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් දැනුම් දෙන බවයි. එම නිසා, ධීවරයින් මෙම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බව ඔහු සඳහන් කළා.

[MP3]s62961_1[/MP3]                                                                     

ධීවර සංගම් ද පවසන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළ කරන අනාවැකි පිළිගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි. සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතියේ සභාපති අරුණ රොෂාන්ත ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය වෙත මෙලෙස පැහැදිලි කළා.

[MP3]s62961_2[/MP3]                                         

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.ආර්. ජයසේකර ඊට දැක්වූයේ මෙවැනි ප්‍රතිචාරයක්.

[MP3]s62961_3[/MP3]                                                              

උතුරු පළාත් සභාව සඳහා ඉදිරිපත් කරන මහ ඇමති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන සඳුඳා දිනයේදී ප්‍රකාශයට පත්කරන බව දෙමළ ජාතික සන්ධානය අද (13) ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories