ධීවරයන් මුල්කරගත් අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.

Saturday, 13 July 2013 - 19:10

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ධීවර ගැටළු මුල් කර ගනිමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගැටුමක් ඇති කිරීමට එල්.ටී.ටී.ඊ හිතවාදීන් කුමන්ත්‍රණයක නිරත වන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පවසනවා. මන්නාරම මුහුදු තීරයේදී ශ්‍රී ලාංකීය ධීවරයින් පිරිසකට ඊයේ රාත්‍රියේ  තමිල්නාඩු ධීවරයින් පිරිසක් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.

ඉන්දීය බෝට්ටුවල සිටි ධීවරයින් විසින් තමන්ට පහරදී සිය දැල් ආම්පන්නවලට අලාභ හානි සිදුකළ බවයි මෙරට ධීවර බෝට්ටුවක සිටි ධීවරයෙකු වන ෂේවියර් නියොමාල් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

[MP3]s62962_1[/MP3]

කෙසේ වෙතත්, නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සඳහන් කළේ     මේ පිළිබඳ සොයා බැලීමට අධිවේගී නාවික යාත්‍රා දෙකක් අදාළ ප්‍රදේශයට පිටත් කර යැවූ බවයි. එහෙත් අදාළ නාවික හමුදා යාත්‍රා දෙක එම ප්‍රදේශයට ළඟා වනවිට ගැටුම්කාරී තත්ත්වයක් දක්නට නොලැබූ බවට වාර්තා කර ඇති බවයි නාවික හමුදා ප්‍රකාශකවරයා කියා සිටියේ.

දිගින් දිගටම ශ්‍රී ලාංකීය ධීවරයින්ට තමිල්නාඩු ධීවරයින් විසින් සිදුකරන පහරදීම් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය නියෝජ්‍ය ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන් මෙලෙස ප්‍රශ්න කර සිටියා.

[MP3]s62962_2[/MP3]             

මේ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දීය මුහුදු තීරය තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමන්ට බාධා එල්ල කරන බව පවසමින් තමිල්නාඩු නාගපට්ටිනම් ප්‍රදේශයේ ධීවරයින් පිරිසක් අද උද්ඝෝෂණයක් ද ආරම්භ කර තිබෙනවා. නමුත් නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසළ වර්ණකුලසූරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories