ඇහැලේපොළ වලව්ව ජනපති වෙත භාරදෙයි.

Saturday, 13 July 2013 - 19:46

%E0%B6%87%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


වසර 195 ක් පමණ සිර මැදිරියක් ලෙස පවත්වාගෙන ගිය මහනුවර - ඇහැලේපොළ මහ අධිකාරම් වලව්ව අද (13) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන්නා. ඒ, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර විසින්. එය ඉදිරියේදී යහපත් අරමුණක් වෙනුවෙන් භාවිත කරවීම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අරමුණයි.

මේ අතර, රුපියල් මිලියන 35 ක වියදමින් මහනුවර - බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේ ඉදිකළ නව කායවර්ධන මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා. මහින්ද චින්තන ඉදිරිදැක්ම අනුව, ‘‘ක්‍රීඩාවෙන් සුව දිවියක්’’ යන තේමාව යටතේ මෙය ඉදිකළේ ක්‍රීඩා අමාත්‍යාංශයයි. හමුදා සෙන්පතියෙකු සහ දේශපාලඥයෙකු ලෙස ප්‍රකට මෙහෙවරක් ඉටු කළ ජනරාල් අනුරුද්ධ රත්වත්තේ සිහිකරමින් මහනුවර නගර මධ්‍යයේ ඉදිකළ ඔහුගේ පිළිරුව ද අද ජනාධිපතිවරයා අතින් විවෘත වුණා.    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories