චෙන්නායි - ශ්‍රී ලංකා නි. මහකොමසාරිස් කාර්යාලයට බෝම්බ තර්ජන.

Sunday, 14 July 2013 - 12:42

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92.+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1.


ඉන්දියාවේ චෙන්නායි නුවර - නුන්ගම්පාක්කම් හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළා. නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ බෝ්ම්බ පිපිරී යා හැකි බවට අනතුරු අඟවමින් තැපැල්පතක් ලැබීම ඊට හේතුවයි. එහි ශ්‍රී ලංකා රජය විවේචනය කිරීමේ වදන් පෙළක් ද ඇතුළත්ව තිබූ බව සඳහන්. අදාළ තර්ජනාත්මක ලිපිය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් චෙන්නායි පොලිසියට භාර දී තිබෙනවා. ඒ අනුව, නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව තර කිරීමට චෙන්නායි පොලිසිය පියවර ගෙන ඇති බවයි ඉන්දීය පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ. ඒ සඳහා පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, සන්නද්ධ සේවා භටයන් 8 දෙනෙකු ඇතුළු ආරක්ෂකයන් 35 දෙනෙකු යොදවා ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත අනාවරණය කළා. එමෙන්ම, නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත අදාළ තර්ජනාත්මක ලිපිය එවූ ස්ථානය සොයා බැලීම සඳහා එය ඉන්දියානු අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකයට යොමුකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories