සුළි කුණාටුව පිළිබඳව ධීවරයින් දැනුවත් නොකළේ ධීවර අමාත්‍යාංශයලූ.

Sunday, 14 July 2013 - 12:56

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%BD%E0%B7%96.



පසුගියදා ඇති වූ සුළි කුණාටු තත්ත්වයෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානි තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් නිර්දේශ 14 ක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව, ධීවර අමාත්‍යාංශය අනුගමනය කළ යුතු නිර්දේශ 6 ක් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අනුගමනය කළ යුතු නිර්දේශ 5 ක් ඊට ඇතුළත්. අමාත්‍යාංශ දෙකටම පොදුවේ අනුගමනය කළ යුතු නිර්දේශ 3 ක් ද එහි ඇතුළත් වන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. එම නිර්දේශ අතර, නීතියක් ලෙස දැනට පවතින ධීවර කර්මාන්තයේ නිරත වන අතරතුරදී ජීවිතාරක්ෂක කබා පැළඳීම බලාත්මක කිරීම ද ඇතුළත්. එමෙන්ම, ධීවර රක්ෂණය අනිවාර්යය කිරීම එහි තවත් නිර්දේශයක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසියාකාරයෙන් පණිවුඩ නිකුත් කරන බවත්, එම පණිවුඩ අනෙකුත් ආයතන ලබා ගෙන එම තොරතුරුවලින් නිසි මග පෙන්වීම් සිදුකරන ලෙස ද එමගින් පෙන්වා දී තිබෙනවා. ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යන ලෙස ද එම වාර්තාවේ ඇතුළත් බව සඳහන්.

කෙසේ වෙතත්, හම්බන්තොට ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ද මෙම වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

[MP3]s63003[/MP3]

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හා ඉන් ඇතිවු ජීවිත සහ දේපළ හානි තත්ත්වය පිළිබඳව පරීක්ෂා කිරීමට පත්කළ ත්‍රි පුද්ගල කමිටුව සිය වාර්තාව පසුගිය 4 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන ඒ.ඩබ්ලිව්. මොහොට්ටාලයි. හිටපු මහාධිකරණ විනිසුරු සී.රාජපක්ෂ සහ ඒ.දිසානායක කමිටුවේ සෙසු සාමාජිකයින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories