මෙරට ප්‍රංශ චිත්‍රපට උළෙලට වාරණයක්.

Sunday, 14 July 2013 - 19:10

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ප්‍රංශ චිත්‍රපට උළෙල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීම අත්හිටුවීමට එහි පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය 11 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ බී කමිටු ශාලාවේ ප්‍රදර්ශනය කෙරුණු ඉගිලෙන මාළුවෝ නමැති සිංහල චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ දර්ශන සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. පසුගිය මස 18 වැනිදා ආරම්භ කෙරුණු ප්‍රංශ චිත්‍රපට උළෙල ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබුවා. කෙසේ වෙතත්, ඉගිලෙන මාළුවෝ නැමැති චිත්‍රපටය සිය පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබාදීමෙන් ජනතාවට සහ මෙරට හමුදාවන්ට සිය බලවත් කණගාටුව පළ කරන බව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එමෙන්ම මෙම චිත්‍රපටයට සිය පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා දුන්නේ එය මහජන ප්‍රදර්ශනයට සුදුසු බවට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් ප්‍රදානය කර ඇති අනුමැතිය පදනම් කර ගනිමින් බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රංශ තානාපති කාර්යාලයට අවසර ලබා නොදුන් බවයි.

[MP3]s63023_1[/MP3]


එහෙත් මෙම චිත්‍රපට උළෙලේ පසුගිය 11 වන දා ප්‍රදර්ශනය කෙරුණු ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය නැරඹීම සඳහා ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු ද ගොස් තිබුණා. ඒ සඳහා නිකුත් කර තිබූ ටිකට් පත් දෙකක් උපයෝගී කර ගනිමින් ඔහු මෙම චිත්‍රපටය නැරඹීම සඳහා පැමිණ සිටියේ සිය බිරිද ද සමගයි. එහිදී තමන් ලද අත්දැකීම් ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස විස්තර කළා.

[MP3]s63023_2[/MP3]

සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කර ඇති ඉගිලෙන මාළුවෝ නැමැති මෙම චිත්‍රපටය චිත්‍රපට උළෙලක ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබා නොදීමට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට හැකියාව තිබූ බව ද ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු වැඩිදුරටත් සදහන් කළා.

[MP3]s63023_3[/MP3]

ඕනෑම චිත්‍රපටයක් ප්‍රදර්ශනයට නිකුත් කිරීමට පෙර එය ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය විසින් නිරීක්ෂණය කළ යුතු වනවා. කෙසේ වෙතත්, ඉගිලෙන මාළුවෝ නැමැති මෙම චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කිරීමට පෙර පාලක මණ්ඩලය විසින් නරඹනු ලැබුවේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය එහි සභාපතිවරයාගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට දැක්වූ ප්‍රතිචාරයි මේ.
 
[MP3]s63023_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories