බුද්ධගයා ප්‍රහාරයෙන් පසු බිහාරයට ගෑස් සිලින්ඩර් තහනම්.

Sunday, 14 July 2013 - 19:16

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

පසුගිය දා බුද්ධගයාවේ මහාබෝධි විහාර පරිශ්‍රයට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසුව බිහාර් ප්‍රාන්තය තුළ කුඩා ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් භාවිතය තහනම් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ත්‍රස්තවාදී ප්‍රහාරයන් එල්ලවීමට පවතින අවස්ථාවන් අවම කිරීමේ ක්‍රියාමාර්ගවලින් එකක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි. බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් අනතුරුව බුද්ධගයාවේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මකයි. මීට අමතරව බිහාර් ප්‍රාන්තයේ  ආරක්ෂාව තර කිරීමට ද ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. කුඩා ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් උපයෝගී කරගෙන කිසියම් ත්‍රස්තවාදී ප්‍රහාරයක් සැලසුම් කිරීමේ ඉඩකඩක් පැවතිය හැකි බවට ලැබුණු බුද්ධි තොරතුරු මත ප්‍රාන්ත රජය මෙම තීරණය ගෙන ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර, බුද්ධගයාවේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන ලෙස ඉල්ලමින් වන්දේ බුද්හාර් නැමැති පූජකයෙකු බුද්ධගයාව ඉදිරිපිට මේ වන විට උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඔහු පවසන්නේ බුද්ධගයාවේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් තවත් පියවර රැසක් ගත යුතු බවයි.

මේ අතර, ඉන්දියාවේ චෙන්නායි නුවර - නුන්ගම්පාක්කම් හි පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළා. නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ බෝම්බ පිපිරී යා හැකි බවට අනතුරු අඟවමින් තැපැල්පතක් ලැබීම ඊට හේතුවයි. එහි ශ්‍රී ලංකා රජය විවේචනය කිරීමේ වදන් පෙළක් ද ඇතුළත්ව තිබූ බව සඳහන්. අදාළ තර්ජනාත්මක ලිපිය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් චෙන්නායි පොලිසියට භාර දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories