ඉන්දියාව, මාවෙයි සේනාධිරාජාව ප්‍රතික්ෂේප කරයි.

Monday, 15 July 2013 - 7:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

වයඹ, මධ්‍යම සහ උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රකාශයට පත් කිරීමත්  සමග මහ ඇමති අපේක්ෂයින් සම්බන්ධයෙන් මේ දිනවල විවිධ අදහස් පළ වනවා.

උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධාන මහ ඇමති අපේක්ෂකයා ලෙස එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පත් නොකරන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කරනවා. ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සඳහන් කළේ දෙමළ සන්ධානය, මාවෙයි සේනාධිරාජා මහ ඇමති අපේක්ෂකයෙකු ලෙස නම් කිරීමට ගත් තීරණයට ඉන්දියාව අප්‍රසාදය පළ කරන බවයි. ඉන්දීය ජාතික රහස් ඔත්තු සේවාව වන රෝ සංවිධානය ඉදිරිපත් කර ඇති කරුණු පදනම් කරගනිමින් ඉන්දීය රජය මෙම විරෝධතාවය පළ කර තිබෙනවා. ඉන්දියාවේ ඉල්ලීම් නොසලකා හරිමින් 2004 වසරේදී මෙරට උතුරේ දේශපාලනඥයන් එල්.ටී.ටී.ඊ. ය සමග සමීප සබඳතාවක් ඇතිකිරීමට  මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයායි. එවැනි පුද්ගලයෙකු යුද්ධයෙන් පසු උතුරු පළාත් සභාව සඳහා මහ ඇමතිවරයෙකු ලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවයි රෝ සංවිධානයේ අදහස වී ඇත්තේ. එමෙන්ම දෙමළ දේශපාලනඥයන් වන ඒ. අමිර්තලිංගම්, යෝගේෂ්වරන් වැනි පුද්ගලයින්ගේ ඝාතනවලට පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ සම්බන්ධයක් ඇති බවට රෝ සංවිධානය චෝදනා කරනවා. ඒ පිළිබඳවද ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවියේ සඳහන්.

එමෙන්ම යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවද මාවෙයි සේනාධිරාජා මහ ඇමති අපේක්ෂකයෙකු ලෙස පත්කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කර ඇති බවයි එම වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් උතුරු පළාත් සභා මැතිවරණයේ දෙමළ ජාතික සන්ධාන මහඇමති ධූර අපේක්ෂකත්වය සඳහා ද්වන්ධ සටනක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ හිටපු අධිකරණ විනිසුරුවරයෙකු වන සී.වී. වික්නේෂ්වරන් අතර මෙම සටන නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය සිකුරාදා පැවැති දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී මහඇමති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සාකච්ඡා පැවැත්වුණා. නමුත් එය එකඟතාවයකින් තොරව අවසන්වීම හේතුවෙන් යළිත් අද පෙරවරුවේ මහ ඇමති ධුරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ විශේෂ රැස්වීමක් කොළඹ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහඇමති අපේක්ෂකයෙකු ලෙස නම් කළ යුතු බව දෙමළ සන්ධාන සම්බන්ධීකරණ කමිටුවේ 21 දෙනාගෙන් 19 දෙනෙකු ප්‍රකාශ කර තිබුණ ද නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊට දැඩි විරෝධය පළ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories