රෝහල්වල නිර්වින්දන ඖෂධ නොමැති බවට චෝදනා.

Monday, 15 July 2013 - 12:48

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

දිවයිනේ ප්‍රධාන රෝහල් ගණනාවක නිර්වින්දන ඖෂධ හිගයක් පවතින බව වාර්තා වනවා. සමස්ත ලංකා සුව සේවා සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ සඳහන් කළේ පවතින තත්ත්වය මත රෝහල්වල සැත්කම්වලට බාධා එල්ල වී ඇති බවයි. මේ වනවිටත්, අනුරාධපුර, මහනුවර හා රත්නපුර යන ප්‍රධාන රෝහල්වල නිර්වින්දන ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බවට වාර්තා වී ඇතැයි ඔහු තවදුරටත් කියා සිටියා.

[MP3]s63072_1[/MP3]

නිර්වින්දන ඖෂධ හිගය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ එවැනි හිඟයක් සම්බන්ධයෙන් තම ඒකකය වෙත රෝහල් අධ්‍යක්ෂවරුන් මේ වනතුරුත් තොරතුරු වාර්තා කර නොමැති බවයි. මේ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක කියා සිටියේ සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කරන ආකාරයේ නිර්වින්දන ඖෂධ හිගයක් පවතින්නේ නම් නිර්වින්දන වෛද්‍යවරුන් විසින් ඒ පිළිබඳ අමාත්‍යාංශය වෙත වාර්තා කළ යුතු බවයි. එහෙත් එවැන්නක් මේ වනතුරුත් සිදුවී නොමැති බව අමාත්‍යවරයා කියා සිටියා.

 
[MP3]s63072_2[/MP3]
 
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මෙරට ප්‍රධාන රෝහල් කිහිපයකින් ද විමසීමක් කළා. එහි අධ්‍යක්ෂවරුන් සදහන් කළේ මෙතෙක් එවැනි තත්ත්වයක් වාර්තා වී නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories