13ට බලයක් නැහැ. - සී.වී. විග්නේෂ්වරන්.

Monday, 15 July 2013 - 18:54

13%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+-+%E0%B7%83%E0%B7%93.%E0%B7%80%E0%B7%93.+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A.

උතුරු පළාත් සභාව සඳහා තරඟ වදින දෙමළ ජාතික සන්ධාන මහඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී.විග්නේෂ්වරන් තෝරාගෙන තිබෙනවා. ඒ අද (15) පෙරවරුවේ පැවති පක්ෂයේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා එම සන්ධානය නියෝජනය කරන පක්ෂ 5 සාමාජිකයින් එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී දෙමළ සන්ධානය ගත් තීරණය ප්‍රකාශයට පත් කළ, එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්.

 

[MP3]s63094_1[/MP3]                                                            

 

උතුරු පළාත් සභාවේ දෙමළ සන්ධාන මහඇමති අපේක්ෂක තනතුර සඳහා ද්වන්ධ සටනක් පැවති අතර, සී.වී.විග්නේෂ්වරන් සමඟ එම තනතුරට දෙමළ ජාතික සන්ධානයේ මහලේකම් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා තරඟ කළා.

 

ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මහඇමති අපේක්ෂක ලෙස නම් කිරීමට ඉන්දියාව විරෝධය පළ කර ඇති බවයි.

 



ඉන්දීය ජාතික රහස් ඔත්තු සේවාව වන රෝ සංවිධානය ඉදිරිපත් කර ඇති කරුණු පදනම් කරගනිමින් ඉන්දීය රජය මෙම විරෝධතාවය පළ කර තිබුණා. ඉන්දියාවේ ඉල්ලීම් නොසලකා හරිමින් 2004 වසරේදී මෙරට උතුරේ දේශපාලනඥයන් එල්.ටී.ටී.ඊ.ය සමග සමීප සබඳතාවක් ඇතිකිරීමට  මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයායි. එවැනි පුද්ගලයෙකු යුද්ධයෙන් පසු උතුරු පළාත් සභාව සඳහා මහ ඇමතිවරයෙකු ලෙස කටයුතු කිරීම සුදුසු නොවන බවයි රෝ සංවිධානයේ අදහස වී ඇත්තේ.

 

එමෙන්ම යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවද මාවෙයි සේනාධිරාජා මහ ඇමති අපේක්ෂකයෙකු ලෙස පත්කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කර ඇති බවයි එම වෙබ් අඩවියේ වැඩිදුරටත් දැක්වෙන්නේ. පසුගිය සතියේ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ද සිදුවුණා. කෙසේ වෙතත්, උතුරු පළාත් සභාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ මහඇමති අපේක්ෂකයා ලෙස පත්වීමෙන් අනතුරුව සී.වී.විග්නේෂ්වරන් හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට ද එක්වුණා. මහඇමති අපේක්ෂක ධුරයට පත් වීම සහ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් වී ඇති  සංශෝධනය සම්බන්ධයෙන් ද අප ඔහුගෙන් ප්‍රශ්න කළා. මේ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මහඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් සහ හිරු ප්‍රවෘත්ති අංශය අතර පැවති එම දුරකථන සංවාදයයි.

 

[MP3]s63094_2[/MP3]                                                       

 



දෙමළ සන්ධානයේ උතුරු පළාත් මහඇමති අපේක්ෂකයා ලෙස නම් කළ සී.වී. විග්නේෂ්වරන් කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. 1979 වසරේදී විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන් ඔහු මඩකලපුව, චාවකච්චේරි, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා. 1987 වර්ෂයේදී කොළඹ දිසාවිනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූ ඔහු මහාධිකරණ රැසක විනිසුරුවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා. 2001 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දුන් සී.වී. විග්නේෂ්වරන් ඉන් විශ්‍රාම ලැබුවේ 2004 වසරේදීයි. එමෙන්ම සී.වී. විග්නේෂ්වරන්, ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ සමීපතම ඥාතියෙක් ද වනවා. අමාත්‍යවරයාගේ දියණිය විවාහ වී සිටින්නේ සී.වී. විග්නේෂවරන්ගේ පුත්‍රයෙකු සමගයි. ඒ සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස විස්තර කළා.

 
[MP3]s63094_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories