ඉගිලෙන මාළුවෝ ගැන ප්‍රංශය කතා කරයි.

Tuesday, 16 July 2013 - 8:23

%E0%B6%89%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9D+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.


බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රංශ චිත්‍රපට උළෙල අත්හිටුවීම හේතුවෙන් උළෙලේ අනුග්‍රාහකයින්ට සහ පාර්ශවකරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දුන් බව මෙරට ප්‍රංශ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මෙම චිත්‍රපට උළෙලේ තිරගත කළ ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයට ඇතුළත්ව තිබූ ඇතැම් දර්ශන හේතුවෙන් මෙම චිත්‍රපට උළෙල අත්හිටුවීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පාලක මණ්ඩලය තීරණය කළා. මෙම චිත්‍රපටය සිය පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබාදීමෙන් ජනතාවට සහ මෙරට හමුදාවන්ට සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි එම පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

 

කෙසේ වුවත් ප්‍රංශ තානාපති කාර්යාලය නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය සහ මෙම උළෙලේ සියලූ චිත්‍රපට සඳහා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බවයි. මෙම චිත්‍රපට උළෙල සංවිධානය කිරීමේ අරමුණ දෙරට අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම බව ද ප්‍රංශ තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසනවා. මෙම උළෙල පැවැත්වීම තුළින් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට පීඩාවක් ඇති කිරීම තම රජයේ අරමුණ නොවන බවයි ප්‍රංශ තානාපති කාර්යාලය සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ.

 

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ගාමිණී සුමනසේකරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය සඳහා ප්‍රංශ තානාපති කාර්යාලයට අවසර ලබා නොදුන් බවයි.

 
[MP3]s63117[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories