තෙල්දෙණියේ ලංගම උපවාසයට දින 6යි.

Tuesday, 16 July 2013 - 8:24

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+6%E0%B6%BA%E0%B7%92.


සිය හිඟ වැටුප් ඉල්ලා තෙල්දෙණිය ලංගම ඩිපෝවේ සේවකයින් ආරම්භ කළ වර්ජනයට අදට දින 6ක් වනවා. නමුත් මේ වන තෙක් කිසිදු බලධාරියෙකුගෙන් තම ගැටළුවට විසඳුම් ලැබී නොමැති බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ. පසුගිය 10 වන දා ඔවුන් මෙම වර්ජනය ආරම්භ කළා. මේ වන විටත් ඉන් සේවකයින් 12 දෙනෙකු ගසක් මත තනා ගත් අට්ටාල දෙකක රැඳී සිටිමින් සිය විරෝධත්වය පළ කරමින් සිටිනවා. පසුගිය මැයි සහ ජුනි මාසවල හිඟ වැටුපුයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ලබාදෙන ස්ථීර වැටුප ඔවුන්ට මේ වන විට ලබාදී ඇතත්, ඩිපෝව මගින් ලබාදෙන දීමනාව මෙතෙක් ලබාදී නැහැ. මේ හේතුවෙන් තමන් පත්ව ඇති අපහසුතාවය වර්ජනයේ නිරත සේවකයින් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස පැහැදිලි කළා.

[MP3]s63118[/MP3]

මේ සම්බන්ධයෙන් විමසීමට තෙල්දෙණිය ලංගම ඩිපෝ කළමනාකරු පී. උඩවෙල සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories