මනෝ පක්ෂ දෙකකට සහාය දෙයි.

Tuesday, 16 July 2013 - 13:19

%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයට සහාය දැක්වීමට සූදානම් බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා. ඒ අනුව උතුරු පළාත් සභාව සඳහා තරග වදින දෙමළ සන්ධාන මහඇමති අපේක්ෂක සී.වී. විග්නේෂවරන්ට තමන් සහාය දක්වන බවත්, මධ්‍යම පළාත් සභාවේදී තම පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතව තරග වදින බවත්,  මනෝ ගනේෂන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

[MP3]s63133_1[/MP3]                                                                    

මේ අතර, උතුරු පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන් බව එම පක්ෂයේ උතුරු පළාත් මැතිවරණ මෙහෙයුම් කමිටු සාමාජික අමාත්‍ය සී.බී. රත්නායක පවසනවා.  

[MP3]s63133_2[/MP3]                                                

එක්සත් ජාතික පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කය සඳහා තරග වැදීමට නියමිත අපේක්ෂක කණ්ඩායම ඊයේ (15) විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අද (16) දිනයේ වන්නි සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අපේක්ෂක කණ්ඩායම විපක්ෂ නායකවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සදහන් කළේ ඉදිරි දින කිහිපය තුළ උතුරු පළාත සඳහා තරග වදින කණ්ඩායම නම් කිරීම සිදුවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories