ඉගිලෙන මාළුවා නිදහසට කරුණු කියයි.

Tuesday, 16 July 2013 - 18:30

%E0%B6%89%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

තම ජීවන අත්දැකීම් පිළිබඳ මතකයන් කිහිපයක් පමණක් ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයෙන් ගෙනහැර දක්වා ඇති බව එම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර දකුණු කොරියාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් අද (16) ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ප්‍රංශ චිත්‍රපට උළෙල අත්හිටුවීමට එහි පාලක සභාව පසුගියදා තීරණය කළේ ඉගිලෙන මාළුවෝ චිත්‍රපටයේ ඇතුළත් ඇතැම් දර්ශන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට හානිකර බව පවසමින්. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය ද මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල.

 

[MP3]s63154_1[/MP3]                   

 

ත්‍රිකුණාමලය - තඹලගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දැනට දකුණු කොරියාවේ සිටින සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත් බව ප්‍රංශ තානාපති කාර්යාලය ප්‍රකාශ කළා. ඒ, මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ අන්තර්ගතය සහ එය ප්‍රදර්ශනය කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමට අප එහි අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර ඇමතුවා. මේ, ඔහු හිරු ප්‍රවෘත්ති අංශය සමග කළ සංවාදයයි.

 

[MP3]s63154_2[/MP3]                             

 

මෙම සිද්ධියෙන් අනතුරුව චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන දේශීය චිත්‍රපටත් මින් ඉදිරියට නිරීක්ෂණයට ලක් කිරීමට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. දැනට ඒ සඳහා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයට නීතිමය ප්‍රතිපාදන නොමැති බවයි එහි සභාපති ගාමිණී සුමනසේකර ප්‍රකාශ කළේ. ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය සම්බන්ධයෙන් ඔහු පළ කළේ මෙවන් අදහසක්.

 

[MP3]s63154_3[/MP3]                    

 

ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට පෙර ඒ සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ලබාගත යුතුයි. බොහෝ අවස්ථාවල සිදුවන්නේ රැඟුම් පාලක මණ්ඩලය තමන්ට පෙන්වන චිත්‍රපටයේ පිටපතක්ද ලබා ගැනීමයි. එහෙත් අදාළ චිත්‍රපට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසක් හමුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවන්වලදී ඊට පවතින සීමා මහජන ප්‍රදර්ශනයකදී තරම් බරපතල වන්නේ නැහැ. එසේම අවසරය ලබාදුන් පසු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපටය පිළිබඳව යළි විමසා බැලීමක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories