සභාපති පුතාගේ වෙඩි පහරකින් දරුවෙකුට තුවාල.

Wednesday, 17 July 2013 - 7:21

%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.



වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මාතලේ, ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පුතු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සන්ධානය නියෝජනය කරන ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගරගේ පුතු වන ලෙස්ලි කන්නන්ගරයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඊයේ (16) සවස සැකකරු ප්‍රදේශයේ විදුලි කණුවකට වෙඩි තැබූ අවස්ථාවකදී එහි කැබැල්ලක් කැඞී ගොස් අසල සිටි දරුවෙකුට තුවාල සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් මොහු අත්අඩංගුවට ගත් බවයි ලග්ගල පොලිසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූ 08 හැවිරිදි දරුවා ලග්ගල - පල්ලේගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ අතර, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකකනායකට අයත් කැබ් රථයක් ඊයේ (16) රාත්‍රියේ මාතලේ - යටවත්ත ප්‍රදේශයේ දී පැහැර ගෙන ගොස් තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු කැබ් රථය යටවත්ත ප්‍රදේශයේ මාර්ගයක නවතා තබා අසළ නිවසකට ගිය අවස්ථාවේදියි එය පැහැර ගෙන ගොස් ඇත්තේ. පසුව මෙම කැබ් රථය ප්‍රදේශයේ විදුලි කණුවක ගැටී නවතා දමා ගොස් තිබියදී සොයා ගත් බව යටවත්ත පොලීසිය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories