හෙද සංගමයක් අද පැය 24ක සංකේත වර්ජනයක.

Wednesday, 17 July 2013 - 7:36

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

උසස්වීම් ඇතුළු ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමින් අද  (17) උදෑසන හතේ සිට පැය 24ක දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වන එහි සභාපති සමන් රත්නප්‍රිය.

[MP3]s63175_1[/MP3]                                                                                  

කෙසේ වෙතත්, මෙම වැඩවර්ජනයට සහය නොදක්වන බවයි සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්.බී. මැදිවත්ත කියා සිටියේ.

[MP3]s63175_1[/MP3]                                                                    

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ද මෙම වර්ජනයට සහාය දක්වන්නේ නැහැ.

 
මේ අතර, මෙම වර්ජනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ හෙද සේවාවේ ගැටළු විසඳීමට අවශ්‍ය සියලූ පියවර මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි. සැඟවුණු අරමුණු ක්‍රියාත්මක කර ගැනීම සඳහා අහේතුක වර්ජනයක් අද (17) ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය එම නිවේදනයේ දක්වා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories