ජේතවනාරාමය මත නැගුණු පුද්ගලයෙකු අල්ලයි.

Wednesday, 17 July 2013 - 12:28

%E0%B6%A2%E0%B7%9A%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.



අනුරාධපුර අටමස්ථානයේ ජේතවනාරාම චෛත්‍ය රාජයා මත නැගුණු පුද්ගලයෙකු පොලිසිය විසින් අද (17) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම පුද්ගලයා හමුදා සාමාජිකයෙකු බවටයි පොලිසිය සැක පළ කරන්නේ. මොහු ජේතවනාරාම චෛත්‍ය මතට නැග කෑ කෝ ගසමින් හැසිරෙනු දුටු ආරක්ෂක නිලධාරින් පොලිසියේ ද සහය ඇතිව ඔහු ඉන් බිමට බස්සවා ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම පුද්ගලයා මන්ද මානසික අයෙකු ලෙස හැසිරී ඇති බවයි. ඒ හේතුවෙන් මොහු මේ වනවිට වෛද්‍යවරයෙකු වෙත යොමුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ මෙම පුද්ගලයා සතුව නිවාඩු අයදුම්පත්‍රයක් තිබූ බවයි. සැකකාර පුද්ගලයා වයස අවුරුදු 35 ක බදුල්ල - වැල්ගොල්ලෑගම - වරාදෙණිගොල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි අනුරාධපුර හිරු වාර්තාකරු සඳහන් කළේ. ඔහු නැදුන්කර්නි හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකු බව ද අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories