නි.ඇ. නන්දිමිත්‍රගේ කැබ් රථය පැහැර ගත්තේ කවුද ?

Wednesday, 17 July 2013 - 12:48

%E0%B6%B1%E0%B7%92.%E0%B6%87.+%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF+%3F

උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකට අයත් කැබ් රථයක් ඊයේ (16) රාත්‍රියේ මාතලේ - යටවත්ත ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස් ඇති බවට වාර්තා වුණා. නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අදාළ කැබ් රථය යටවත්ත ප්‍රදේශයේ ස්ථානයක නවතා තබා අසල නිවසකට ගොස් සිටි අවස්ථාවේ එය පැහැර ගෙන ගොස් තිබූ බවටයි සඳහන් වුණේ. හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායකගෙන් විමසීමක් කළා. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු කිහිපදෙනෙකු තම සම්බන්ධීකරණ ලේකම්වරයා ගමන් කළ නිල රථය පැහැරගෙන ගොස් විදුලි කණුවක ගැටීමෙන් අනතුරුව, පලාගොස් ඇති බවට තමන් වෙත වාර්තා වී ඇති බවයි.

[MP3]s63207[/MP3]

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට අයත් කැබ් රථය පැහැරගෙන ගොස් ඇති බවට එල්ල වන චෝදනාව පිළිබඳව විමසීමට යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.ඞී.ලාල් අත්තනායක සම්බන්ධ කර ගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය අවස්ථා කිහිපයකදීම උත්සාහ කළා. එහෙත්, එම උත්සාහය ව්‍යර්ථ වූයේ සභාපතිවරයා සිය කාර්යාලීය දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්. තවදුරටත් සිදුකල සොයා බැලීමකදී අනාවරණ වූයේ සභාපතිවරයා ජංගම දුරකථනයක් භාවිතා නොකරන බවයි.

මේ සම්බන්ධයෙන් අප යටවත්ත පොලිසියෙන් ද විමසීමක් කළා. එහිදී පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇති බවයි. අනතුරට ලක් වූ කැබ් රථය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සනාථ කර ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් කියා සිටියා.

වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පුත්‍රයා අද සවස නාවුල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිත බව පොලිසිය පවසනවා. ඊයේ සවස ලග්ගල ප්‍රදේශයේදී ප්‍රාදේශීය සභා සභාපති ධර්මසිරි කන්නන්ගරගේ පුතු වන ලෙස්ලි කන්නන්ගර සමග සිටි පිරිසක් ප්‍රදේශයේ තවත් පිරිසක් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. එම අවස්ථාවේදී ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුත්‍රයා විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරය අසල තිබූ විදුලි කණුවකට වැදී ඇති අතර එහි කැබැල්ලක් කැඞී ගොස් වයස අවුරුදු 8 ක කුඩා දරුවෙකුගේ ඇගේ වැදීමෙන් තුවාල ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ පුත්‍රයා සමඟ සිටි තවත් පුද්ගලයෙකු ද මේ වනවිට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීම සිදුකළ ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories