මරදානේ සිට වාහන එක් දිශාවකට.

Thursday, 18 July 2013 - 8:00

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7.

මරදාන පාලම් හන්දියේ සිට ටෙක්නිකල් මංසන්ධිය දක්වාත්, ටෙක්නිකල් මංසන්ධියේ සිට සංඝරාජ වටරවුම දක්වාත්, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හන්දිය දක්වාත් එක් දිශාවකට අද (18) පෙරවරු 6 සිට වාහන ගමන් කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව මාලිගාවත්ත පාර සහ ආමර් වීදිය දෙස සිට පිටකොටුව දෙසට පැමිණෙන වාහන සංඝරාජ මාවතින් පංචිකාවත්ත පාරට ඇතුළු වී එල්ෆින්ස්ටන් සිනමා ශාලාව අසලින් දකුණට හැරී ටෙක්නිකල් හන්දියෙන් වමට හැරී පිටකොටුවට ගමන් කළ හැකියි. ගාමිණී වටරවුම සහ පුංචි බොරැල්ලේ සිට ආමර් වීදිය සහ මාලිගාවත්ත දෙසට පැමිණෙන වාහන ටෙක්නිකල් මංසන්ධියට පැමිණ එතැනින් දකුණට හැරී සංඝරාජ මාවත ඔස්සේ ආමර්වීදියට හෝ මාලිගාවත්තට ගමන් කළ හැකිවනවා. පිටකොටුව සහ උසාවි සංකීර්ණය දෙස සිට ගාමිණී වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන සංඝරාජ වටරවුම දක්වා ගමන් කර එතැනින් පංචිකාවත්ත මාර්ගය හරහා මරදාන පාලම් මංසන්ධිය ඔස්සේ පුංචි බොරැල්ලට හෝ ගාමිණී වටරවුම දෙසට පිවිසීමට ඉඩ පවතිනවා.

 

ටෙක්නිකල් මංසන්ධියෙන් උසාවි මාර්ගය සහ පාලම් හන්දිය පසුකර ගාමිණී වටරවුම දෙසට වාහන ඇතුළු කිරීමට අවස්ථාව පවතින අතර, මාලිගාවත්ත මාර්ගයේ සිට පැමිණෙන වාහන සංඝරාජ වටරවුම පසුකර ආමර් වීදිය දෙසට හැරීමට අවස්ථාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මෙලෙස පැමිණෙන වාහන ඛෙත්තාරාම පාර, බබාපුල්ලේ පාර, හරහා ග්‍රෑන්ඞ්පාස් මාවතින් ආමර්වීදිය පොලිසිය අසලට පැමිණ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories