පලස්තීනයට සාමය අවිනිශ්චිතයි.

Friday, 19 July 2013 - 8:10

%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.



මැදපෙරදිග සාම සාකච්ඡා යළි පණගැන්වීම සඳහා පලස්තීනුවන් සමඟ පැවති අදහස් හුවමාරුව තීරණයකින් තොරව අවසන් වූ බව වාර්තා වනවා. දැනට මැදපෙරදිග චාරිකාවක නිරත වන ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය සතිය තුළ දෙවතාවක්ම පලස්තීන නායක මහමුද් අබ්බාස් හමුවුණා. එහිදී සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා ඇමරිකානු සැලසුම් ඉදිරිපත් කර තිබෙනවා. එහෙත්, 1967 යුද්ධයට පෙර පැවති දේශසීමාවන් පදනම් කරගෙන නව පලස්තීන රාජ්‍යය බිහිකිරීම සඳහා ඇමරිකාව මෙතෙක් එකඟත්වය පළ කර නැහැ. මේ නිසා ඇමරිකානු සැලසුම් පලස්තීනුවන් විසින් මෙතෙක් පිළිගෙන නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළා. කෙසේ නමුත්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායල සහ පලස්තීන නායකයන් නැවතත් හමුවීමෙන් අනතුරුවයි අද යළි ඇමරිකාව බලා නික්මෙන්නේ. එහිදී, සාම සාකච්ඡා සඳහා දෙපාර්ශවය එකග කරවා ගැනීමේ අවසන් උත්සාහයක ඔහු නිරත වනු ඇති. ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ද ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු දුරකථනයෙන් අමතමින් සාම සාකච්ඡා යලි ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළා. එහෙත් සිය රාජ්‍ය ලේකම්වරයාගේ මැදපෙරදිග මෙහෙයුම සාර්ථකවීම පිළිබඳව ඇමරිකාව තුළ ද පවතින්නේ සැකයක්. ඒ අතර, පලස්තීනුවන් ද සාමය පිළිබඳව තවදුරටත් පසුවන්නේ අවිනිශ්චිතභාවයකින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories