අදත් ප්‍රශ්න පත්‍ර අවුල් වෙයි.

Friday, 19 July 2013 - 18:36

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පිළියන්දල - අධ්‍යාපන කලාපයේ පාසල්වලට දෙවන වාර විභාගය සඳහා අද (19) ලබා දුන් 8 සහ 9 ශ්‍රේණිවල බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ අක්ෂර වින්‍යාසයේ වැරදි පවතින බව ගුරු සංගම් පවසනවා. ඊයේ (18) දිනයේ දී 10, 11 ශ්‍රේණි සඳහා පාසල්වලට ලබාදුන් බුද්ධධර්ම ප්‍රශ්න පත්‍රයේ ද එවැනි වැරදි තිබූ බවයි එම ගුරු සංගම් සදහන් කරන්නේ. මෙම ප්‍රශ්න පත්‍රයේ කාම තණ්හා යන වචනය වෙනුවට සඳහන්ව තිබුණේ තාම තණ්හා යනුවෙන්. භවත් ගෞතමයන් යන වදන තවත් ගෞතමයන් ලෙස ප්‍රශ්න පත්‍රයේ මුද්‍රණය වී තිබූ බවයි ගුරු සංගම් ප්‍රකාශ කළේ. ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශ්ප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙවැනි වැරදි 20කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රශ්න පත්‍රවල දක්නට ලැබෙන බවයි.

 
[MP3]s63364_1[/MP3]                                                                 

 

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසීමක් කළා. එහිදී කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.ඒ. රංජිත් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

 

[MP3]s63364_2[/MP3]                                                                   

 

පසුගිය අඟහරුවාදා පළමුවෙන්ම මෙවැනි ප්‍රශ්න පත්‍ර ගැටළු යළි මතු වූයේ උතුරුමැද පළාතේ 06 ශ්‍රේණියේ සිංහල විභාගයට අරුම පුදුම බහුවරණ ප්‍රශ්න පත්‍රයක් ලැබීමත් සමගයි. ප්‍රශ්න සමග පිළිතුරුද අඩංගු ප්‍රශ්න පත්‍රයක් එහිදී ශිෂ්‍යයන්ට ලබාදී තිබුණා. උතුරු මැද පළාතේ අධ්‍යාපන කලාප කිහිපයකම 07 ශ්‍රේණිය සඳහා ලබාදුන් ගණිතය ප්‍රශ්න පත්‍රයේ 01 සිට 09 දක්වා ප්‍රශ්න සහ 09 යේ සිට 20 දක්වා ප්‍රශ්න වෙන වෙනම කඩදාසිවල මුද්‍රණය කර තිබුණා. එහෙත් ඇතැම් පාසල්වලට ලැබී තිබුණේ පළමු කොටස පමණයි. ඒ හේතුවෙන් 09 යේ සිට 20 දක්වා ප්‍රශ්න ඇතුළත් කොටස ඡායා පිටපත්කර ලබාදීමට ගුරුවරුන්ට සිදුවූ බවයි වාර්තා වූයේ.



මෙවර 10 ශ්‍රේණියේ ගණිතය ප්‍රශ්න පත්‍රය 2012 දී උතුරු මැද පාසල් ගණනාවකට එක්තරා පෞද්ගලික ආයතනයක් ලබාදුන් ප්‍රශ්න පත්‍රයකට සමාන බවටයි චෝදනා එල්ල වුණේ. අනුරාධපුර පාසල්වල 12 ශ්‍රේණියේ චිත්‍ර සඳහා  ලබාදුන් ප්‍රශ්න පත්‍රය, පළමු වාර විභාගයේදී ලබාදුන් ප්‍රශ්න පත්‍රයම වීම විශේෂත්වයක්.

 

පාසල් වාර විභාගවල ඇතිවන ගැටළු සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මීට පෙර අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීමක් කළා. මේ අමාත්‍යවරයා ඊට දැක්වූ ප්‍රතිචාරයයි.

 
[MP3]s63364_3[/MP3] 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories