මධ්‍යම වෛද්‍ය වර්ජනයෙන් ජනතාවට පීඩා.

Friday, 19 July 2013 - 19:14

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F.

මධ්‍යම පළාත් ආණ්්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගේ ක්‍රියා කලාපයකට විරෝධය පළ කරමින් මධ්‍යම පළාතේ රෝහල් රැසක රජයේ වෛද්‍යවරුන් අද (19) දියත් කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්වූ බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා. නුවරඑළිය මහරෝහල ඇතුළු දිසා රෝහල්, පර්යන්ත රෝහල් සහ මධ්‍යම බෙහෙත් ශාලාවල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ. එම සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නුවරඑළියේ පැවති ඩෙංගු මර්දන වැඩසටහනකදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෛද්‍යවරුන්ට අපහාසාත්මක අයුරින් බැන වැදීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කළ බවයි. අද (19) පස්වරු වර්ජනය අවසන් කළ බවද ඔහු ප්‍රකාශ කළා.

 

[MP3]s63373_1[/MP3]                                                                

 

මෙම චෝදනාව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර, ඔහු ඒවා ප්‍රතික්ෂේප කළා.

 

[MP3]s63373_2[/MP3]                                                                        

 

කෙසේ වෙතත්, මෙම සංකේත වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්වුණේ මධ්‍යම පළාතේ රෝහල්වලින් සේවය ලබා ගැනීමට පැමිණි රෝගීන්. ඔවුන් ඒ පිළිබදව මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට කරුණු පැහැදිලි කළා.  

 

[MP3]s63373_3[/MP3] 

 

[JPG]63351_1[/JPG]

[JPG]63351_2[/JPG]

ඡායාරූප - ආර්. එම්. ආර්. රත්නායක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories