විදේශ ඇමතිගෙන් යුරෝපයට පණිවුඩයක්.

Saturday, 20 July 2013 - 12:44

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

එල්.ටී.ටී.ඊ පෙරමුණු සංවිධාන යුරෝපා රටවල මුදල් එක් රැස් කිරීමේ කටයුතුවල තවදුරටත් නිරතව සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් පවසනවා. යුරෝපයේ සැලකිය යුතු   ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවක් සිටින බැවින් ඒ පිළිබඳව යුරෝපා රටවල් අවධානයෙන් සිටිය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

 

යුරෝපා පොලිසියේ ත්‍රස්තවාදී ක්‍රියාකාරීකම් සහ ප්‍රවණතාවන් පිළිබඳ වාර්තා මගින් ද මේ බව පැහැදිලි වන්නේ යැයි අමාත්‍ය ජී.එල්.පීරිස් සඳහන් කළා. ත්‍රස්ත මර්දන කටයුතුවලදී යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරනවා. මෙරට ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව යුරෝපා රටවල් නීතිමය ක්‍රියාමාර්ග ද ගනු ලැබුවා.

 
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යුරෝපා සංගම් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාවේදීයි. යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම ඉදිරි මාස කිහිපය තුළදී බ්‍රසල්ස් නුවරදී රැස්විය යුතු බවට ද දෙපාර්ශවය මෙහිදී එකඟවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories