සංක්‍රමණිකයන් නාවුරු කඳවුරට ගිනි තබයි.

Saturday, 20 July 2013 - 12:46

%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92.

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට යාමට ගොස් පැසිෆික් නාවුරු දිවයිනේ සරණාගත කඳවුරේ රදවා සිටින සංක්‍රමණිකයන් එහි ගොඩනැගිලි වලට ඊයේ (19) ගිනි තබා ඇති බව වාර්තා වනවා. ඊයේ පස්වරුවේ ඔවුන් කලහයක් ආරම්භ කර ඇත්තේ  ඕස්ට්‍රේලියාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින් සියලූ දෙනා පැපුවානිව්ගිනියාව වෙත යවන බවට අගමැති කෙවින් රඞ් කළ ප්‍රකාශය පිළිබද සැලවීමෙන් අනතුරුවයි. ඊට සම්බන්ධවූවන් වැඩි දෙනෙකු ශ්‍රී ලාංකික දෙමළ ජාතික සංක්‍රමණිකයින් බවයි සිඞ්නි මෝනින් හෙරල්ඞ්  නැමැති  ඕස්ට්‍රේලියානු පුවත්පත සඳහන් කළේ.

 

සංක්‍රමණිකයන් ගිනි තැබීම හේතුවෙන් නාවුරු සරණාගත කඳවුරේ මුළුතැන්ගෙය, ආහාර තොග සහ අලූතින් ඉදිකළ විනෝදාස්වාද මධ්‍යස්ථානය ද මුළුමනින්ම විනාශ වී තිබෙනවා. සංක්‍රමණිකයන් කඳවුරේ ආරක්ෂාවට සිටි පොලිස් භටයෙකුට පහර දී රඳවාගෙන ඇති අතර, කලහ ඇති කළ සංක්‍රමණිකයන් 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි  ඕස්ට්‍රේලියානු වාර්තා සදහන් කළේ. කඳවුර පරිශ්‍රයේ තිබී වාහන ගිනිබත් කිරීමෙන් විශාල පිපිරුම් කිහිපයක් සිදුව ඇති බව සදහන්.

 

පොලීසියේ සහයට නාවුරුවාසීන් විශාල පිරිසක් ද පැමිණ තිබෙනවා. මෙහිදී තුවාල ලැබූ සංක්‍රමණිකයන් පිරිසක් රෝහල් ගත කෙරුණා. කඳවුරේ කලහයත් සමග ඉන් පලා ගිය සංක්‍රමණිකයන් සියලූ දෙනා දැන් නැවතත්, එහි පැමිණ සිටින බවයි  ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ.   

 

මේ අතර,  ඕස්ට්‍රේලියාවේ නව අගමැතිවරයා ලෙස පත්වූ කෙවින් රඞ් විදේශ තානාපතිවරුන් පිළිගැනීමේ උත්සවයක් සංවිධාන කර තිබූ අතර, එහිදී ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ උණුසුම් ලෙස පිළිගත් බව කැන්බරානුවර මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා මහකොමසාරිස් අද්මිරාල් තිසර සමරසිංහ  ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඞ් සමග නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබදව ද සාකච්ඡා කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories