නාවුරු දූපතේ කඳවුරු ගිනි තැබූ සංක්‍රමණිකයන්ට දැඩි දඬුවම්.

Saturday, 20 July 2013 - 18:42

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A.

නාවුරු දිවයිනේ සරණාගත කඳවුරේ ගොඩනැගිලිවලට ගිනි තැබූ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව  ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය ටෝනි බර්ක් පවසනවා. නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන්  ඕස්ට්‍රේලියාවට යාමට ගොස් පැසිෆික් නාවුරු දිවයිනේ සරණාගත කඳවුරේ රදවා සිටින සංක්‍රමණිකයන් එහි ගොඩනැගිලි වලට ඊයේ ගිනි තබා ඇති බවට වාර්තා වුණා.  ඕස්ට්‍රේලියාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින් සියලූ දෙනා පැපුවානිව්ගිනියාව වෙත යවන බවට අගමැති කෙවින් රඞ් කළ ප්‍රකාශය පිළිබඳ සැලවීමෙන් අනතුරුවයි ඔවුන් කලහකාරී ලෙස හැසිරී මෙම ගිනි තැබීම සිදුකර ඇත්තේ. කෙසේ වෙතත්, ඊට සම්බන්ධවූවන් වැඩි දෙනෙකු ශ්‍රී ලාංකික දෙමළ ජාතික සංක්‍රමණිකයින් බවයි  ඕස්ට්‍රේලියාවේ සිඞ්නි මෝනින් හෙරල්ඞ් පුවත්පත සඳහන් කළේ.

ගිනි තැබීමෙන් මෙම සරණාගත කඳවුරේ ගොඩනැගිලිවලින් 90% ක් පමණ විනාශ වී තිබෙනවා. එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් සංක්‍රමණිකයන් 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි  ඕස්ට්‍රේලියානු වාර්තා සදහන් කළේ.  ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය ටෝනි බර්ක් සිද්ධියෙන් පසු එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ සරණාගතයින්ට සිරදඬුවම් පවා හිමිවිය හැකි බවයි.

[MP3]s63432[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories