ටී.එන්.ඒ. මහ ඇමති අපේක්ෂකයාගෙන් තමිල්නාඩුවට චෝදනා.

Saturday, 20 July 2013 - 18:49

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

උතුරේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව සහතික විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කළා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා විදෙස් නිරීක්ෂකයින්ට අවස්ථාව ලබාදිය යුතු බවයි. මෙහිදී ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වය සහ දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියා ප්‍රශ්න රැසක් දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා වෙත යොමුකළා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු සැමවිටම ජාත්‍යන්තරයේ අවධානයට දෙමළ ජාතික සන්ධානය යොමුකරන්නේ මන්දැයි මාධ්‍යවේදීයා ඔහුගෙන් ප්‍රශ්න කළා. දෙමළ ජාතික සන්ධානය මෙහිදී ජාත්‍යන්තරය ලෙස හඳුනාගන්නේ ඉන්දියාව බවයි සී.වී.විග්නේෂ්වරන් ඊට පිළිතුරු ලෙස කියා සිටියේ. ඉන්දියාවද මෙරට මානව හිමිකම් ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් වෙනත් රටවල අවධානය ඒ සඳහා යොමුකරවීමට දෙමළ ජාතික සන්ධානයට සිදුවන බව ඔහු සඳහන් කළා.

තමිල්නාඩු දේශපාලනඥයින් මෙරට දෙමළ ජනතාවගේ ප්‍රශ්න සිය දේශපාලන වාසි සඳහා යොදාගෙන ඇති බවටද සී.වී.විග්නේෂ්වරන් මෙහිදී චෝදනා කළා. ඒ, හින්දුස්ථාන් ටයිම්ස් මාධ්‍යවේදීයා යොමුකළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. තමිල්නාඩු දේශපාලනඥයින් ශ්‍රී ලංකාවේ ප්‍රශ්න පිළිබඳව සංවේදී විය යුතු නමුත් එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට දෙමළ ජාතික සන්ධානයට ඉඩ ලබාදිය යුතු බවයි එම සන්ධානයේ උතුරු පළාත් සභා මහ ඇමති අපේක්ෂකයා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories