ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි පළාත් සභා මැතිවරණ කටයුතු මෙහෙයවීමට කණ්ඩායම් නායකයින් පත්කර තිබෙනවා. ඊයේ (20) රැස්වු පක්ෂ උත්තරීතර මණ්ඩලය මෙම පත්කිරීම් සිදුකළ බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක ශෆීක් රාජාබ්ඞීන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ. ඒ අනුව මධ්‍යම පළාතේ නායකත්වය සඳහා පක්ෂ නායක අමාත්‍ය රාවුෆ් හකීම් පත්කර ඇති අතර, වයඹ පළාතේ නායකත්වයට පත්කර ඇත්තේ ජාතික සංවිධායක ශෆීක් රාජාබ්ඞීන්. විශේෂත්වය වන්නේ උතුරු පළාතේ මැතිවරණ කටයුතු මෙහෙයවීමට නායකයින් තුන් දෙනෙකු පත්කර තිබීමයි. එම්. එස්. තව්ෆීක්, ෆයිසර් කාසිම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා සහ පක්ෂ උත්තරීතර මණ්ඩලය නියෝජනය කරන නියෝජිතයෙකු මේ සඳහා ඇතුළත්. ඒ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට වැඩිදුරටත් පැහැදිලි කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක ශෆීක් රාජාබ්ඞීන්.
[MP3]s63451_1[/MP3]
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ උතුරේ සිය නාම යෝජනා පත්‍ර සැකසීම දැනටමත් සිදුවෙමින් පවතින අතර එය 25 වැනිදාට පෙර අවසන් කිරීමට නියමිත බවයි. දෙමළ ජාතික සන්ධානය උතුරේ දිස්ත්‍රික්ක 5 සඳහාම අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළා.
මේ අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලනඥයින්ගේ පුතුන්ට මනාපය ලබාදීමේදී ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි කුරුණෑගල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් එහි ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ මේ බව කියා සිටියා.
[MP3]s63451_2[/MP3]
Follow US
Most Viewed Stories