ඉරාකයේ බෝම්බ ප්‍රහාරවලින් 65 දෙනෙකු මියයයි.

Sunday, 21 July 2013 - 8:44

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+65+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර කේන්ද්‍ර කොටගෙන ඊයේ සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. බැග්ඩෑඩයේ මෝටර් රථ බෝම්බ 12 ක් ඊයේ රාත්‍රියේ පිපිරී ගොස් ඇති අතර නගරයට දකුණෙන් වූ මඩායින් ප්‍රදේශයේදීද තවත් බෝම්බයක් පිපිරී ගියා. මෙහිදී තවත් 190 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දිනපතා රාමසාන් උපවාසය නිමවා ඉෆ්තාර් භෝජනය සඳහා අවන්හල්වලට රොක්වූ බැග්ඩෑඞ් වාසීන් මෙම බෝම්බවලට ගොදුරුවුණා. පුද්ගලයන් 78 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජූනි 10 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් පසු ඉරාකයේ වැඩිම ජීවිත හානි වාර්තාවූයේ ඊයේ දිනයේදියි. මෙම මාසය තුළ ඉරාකයේ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 520 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories