1919 හරහා තැපැල් ඡන්දවලට ඉල්ලීමට අවස්ථාව

Sunday, 21 July 2013 - 13:19

1919+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B7%90%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලූම් කිරීමට බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයන්ට ඒ පිළිබඳ තොරතුරු කඩිනමින් දැනගැනීම සඳහා නව ක්‍රමවේදයක් මැතිවරණ දෙපාර්තමේන්තුව සකස් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් මේ පිළිබඳ විස්තර ලබාගත හැකි බවයි. මෙම තොරතුරු ලබාගැනීම සඳහා පස්වරු 3 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතිය හැකි බවද කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. තැපැල් ඡන්ද ඉල්ලූම්පතක් ඉදිරිපත් කිරීමේදී තමන් පදිංචි ඡන්ද බල ප්‍රදේශය, ඡන්ද කොට්ඨාශ අංකය සහ පිළිවෙල අංකය අවශ්‍ය වනවා. එසේ නොමැති වුවහොත් තැපැල් ඡන්ද ඉල්ලූම්පත ප්‍රතික්ෂේප කෙරෙන බවයි මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ. මෙම විස්තර කඩිනමින් ලබාගැනීම සඳහා තමාගේ හැඳුනුම්පත් අංකය රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඉදිරිපත් කළ යුතුයි.

මේ අතර උතුරු පළාත් සභා මැතිවරණය පිළිබඳව දේශපාලන පක්ෂ මේ දිනවල විවිධ ප්‍රකාශයන් සිදු කරනවා. මහනුවර - සුදුහුම්පළ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් උතුරේ මැතිවරණය පිළිබඳව ප්‍රසාදය පළ කරන බවයි. ඒ හේතුවෙන් ආණ්ඩුවට අවශ්‍ය වුවත් 13 වැනි සංශෝධනය වෙනස් කිරීමට නොහැකි වී ඇති බව ඔහු සඳහන් කළා.   

[MP3]s63474_1[/MP3]                                              

ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ද උතුරේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ උතුරේ මැතිවරණයේදී ආණ්ඩුව ජාතිවාදී ලෙස කටයුතු කරන බවයි.

[MP3]s63474_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories