මැතිවරණ දිනන්න විපක්ෂනායකගෙන් නව වැඩපිළිවෙලක්.

Sunday, 21 July 2013 - 18:54

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

එළඹෙන පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළ හැකි ආකාරය විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (21) මහනුවරදී අනාවරණය කළා. මහනුවර - කුණ්ඩසාලේ අද (21) පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පෝස්ටර්, කටවුට් මගින් නොව විධිමත් වැඩපිළිවෙලකට අනුව කටයුතු කිරීමෙන්, මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවයි. ඒ සඳහා කැපවෙන ලෙසට ද විපක්ෂ නායකවරයා මෙහිදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින අපේක්ෂකයින්ට දැනුම් දුන්නා.

[MP3]s63496_1[/MP3]                                                           

කෙසේ වෙතත්, අම්පාර - ලාහුගල ප්‍රදේශයේ අද (21) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ ජනතා අපේක්ෂා තේරුම් නොගෙන මැතිවරණ ජයග්‍රහණය කළ නොහැකි බවයි.

[MP3]s63496_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories