උතුරේ පනස් දහසකට තවමත් හැඳුනුම්පත් නැහැ.

Monday, 22 July 2013 - 7:59

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

උතුරු පළාතේ පුද්ගලයින් 50,000කට ආසන්න ප්‍රමාණයකට තවමත් ජාතික හැඳුනුම්පත් නොමැති බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් ලෙස පැවැත්වීමට මේ වන විටත් පුද්ගලයින් 20,000කට ආසන්න ප්‍රමාණයකට ජාතික හැඳුනුම්පත් ලබාදී ඇති බවයි.

 

[MP3]s63506_1[/MP3]

 

මේ අතර තැපැල් ඡන්ද බලය හිමි රාජ්‍ය සේවකයන්ගේ ඡන්දයේ රහස්‍යභාවය තහවුරු කිරීමට වගබලා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග සඳහන් කරන්නේ තමන් මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ද දැනුවත් කළ බවයි. ඊයේ (21) කොළඹ පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

 

[MP3]s63506_2[/MP3]                                                                                 

 
 


13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග උතුරේ ජන්දය පවත්වන්නේ නම් එය ජනමත විචාරණයක් ලෙස සලකා පොලිස්, ඉඩම් බලතල නීතිගත වීමේ අවධානමක් ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසනවා. එම ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන දිනය තෙක් පොලිස් සහ ඉඩම් බලතල අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කරන බවයි.

 
[MP3]s63506_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories