නාම යෝජනා කාලය තුළ පෙළපාලි තහනම්.

Monday, 22 July 2013 - 12:51

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමේ නාම යෝජනා භාරගැනීම ආරම්භ කිරීමට  ඇත්තේ තවත් දින 3 ක කාලයක් පමණයි. මේ මස 25 වැනිදා පළාත් සභා ඡන්ද විමසීමට අදාළව නාම යෝජනා භාරගැනීම ආරම්භ කෙරෙන අතර එය අගෝස්තු මස 1 වැනිදා මධ්‍යහ්න 12 න් අවසන් වනු ඇති. නාම යෝජනා භාරගැනෙන කාල සීමාව තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට දැඩි ආරක්ෂාවක් යෙදීමට කටයුතු යොදා ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. උතුරේ ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ වසර 25කට පමණ පසුවයි. මේ නිසා උතුරු පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වෙන මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ වව්නියාව යන දිස්ත්‍රික් ලේකම් කාර්යාවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කළා. එමෙන්ම නාම යෝජනා භාරදීමෙන් පසුව පෙළපාලි යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. එලෙස නාමයෝජනා භාරදීම අවසන් කෙරෙන දිනයේ පෙළපාලි යෑම වැළැක්වීම සඳහා කටයුතු කරන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවයි කොමසාරිස්වරයා කියා සිටියේ.

 

උතුර, වයඹ සහ මධ්‍යම පළාත් සභා ඡන්ද විමසීමේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයන් ගෙන්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. දැනටමත් මේ සම්බන්ධයෙන් දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංගමයට සහ ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංගමයට ලිඛිතව දැනුම් දීමට කටයුතු කර ඇති බවයි ඔහු කියා සිටියේ.

 

 

පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන්ගේ සංගමයටද ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් යුරෝපීය මැතිවරණ නිරීක්ෂකයන්ගේ සංගමයට මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වන ලෙස ආරාධනා කිරීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories