ශිෂ්‍යයන් 12,000 ක් වෙනුවෙන් නේවාසිකාගාර 60 ක්.

Monday, 22 July 2013 - 13:12

%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+12%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+60+%E0%B6%9A%E0%B7%8A.

විශ්වවිද්‍යාල සඳහා ඉදි කෙරෙන නව ශිෂ්‍ය නේවාසිකාගාර 60 ඉදිරි වසර දෙක තුළ සාදා නිම කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෑම විශ්වවිද්‍යාලයකටම නේවාසිකාගාර පහසුකම් මින් හිමිවන අතර නේවාසිකාගාර 60 ඉදිකිරීමෙන් පසු සිසුන් 12 000 කට එහි නේවාසික පහසුකම් හිමිවන බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. එක් නේවාසිකාගාරයක් මහල් 4 කින් සමන්විතවනවා. අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ගොඩනැගිල්ලේ එක් කාමරයක සිසුන් දෙදෙනෙකුට පමණක් නේවාසික පහසුකම් ලබාදීමටයි අමාත්‍යාංශය සැළසුම් කර ඇත්තේ. මෙම නේවාසිකාගාර 60 ඉදිකිරීමෙන් පසු විශ්වවිද්‍යාල අවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කුලී පදනම මත ලබාගෙන ඇති පෞද්ගලික නිවාස නැවත එහි හිමිකරුවන් වෙත භාරදීමට කටයුතු කරන බව එම අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු භාර කීර්ති මාවැල්ලගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

 
[MP3]s63527[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories