අත කොටාගේ පිස්තෝලය තවමත් අතුරුදන්.

Monday, 22 July 2013 - 18:17

%E0%B6%85%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A.

දැරණියගල - නූරිවත්තේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ නිහාල් පෙරේරාගේ ඝාතනයෙන් අනතුරුව එම වතුයායේ ක්‍රියාත්මක වූ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශය මගින් පසුගිය දින කිහිපයේම අනාවරණය කළා. වතු අධිකාරිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 21 ක්. ඒ අතර, දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතකොටා හෙවත් අනිල් විජේසිංහ ද සිටිනවා. ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, නූරිවත්තේ ක්‍රියාත්මක වූ පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවා ඇත්තේ ඔහු විසින් බවයි ප්‍රදේශයේ ජනතාව හිරු ප්‍රවෘත්ති අංශයට කළ ප්‍රකාශයන්ගෙන් පැහැදිලි වන්නේ.

මෙලෙස තොරතුරු අනාවරණය කළ කාන්තාවකට මරණ තර්ජනය කළ දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ ඥාති කාන්තාවක් ද ඊයේ (21) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරියා. නූරිවත්ත ප්‍රදේශයේ සිටින මව්වරුන් කිහිපදෙනෙකුම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමන්ගේ දියණියන් මෙම පාතාලකල්ලි සාමාජිකයින් අතින් හිංසනයට ලක් වූ බවයි. නූරිවත්ත මධ්‍යම බෙහෙත් ශාලාව ඒ සඳහා ඔවුන් යොදා ගෙන ඇති අතර, එහි තිබෙන පොලිස් මුර සංචාරක පොතෙහි ඇති දත්ත අනුව මෙම ස්ථානයට 2012 වසරේ ජූලි මාසයෙන් පසු කිසිදු පොලිස් නිලධාරියෙකු පැමිණ නැහැ.

එහෙත්, හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අද (22) දුරකථන සංවාදයකට එක්වූ දැරණියගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්.මිත්‍රපාල කියා සිටියේ දැරණියගල පොලිසියේ ඇතැම් පොලිස් නිලධාරින් ද මෙම පාතාල කල්ලියට සහය දැක්වූ බවයි. හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකාරකම් පිළිබඳව නිදහස් පක්ෂයේ වගකිවයුත්තන් තමන් දැනුවත් කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔහු හෙළි කළ තොරතුරු අනුව, නීතිවිරෝධී ගිනි අවියක් ද ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා සතු වනවා. හිටපු සභාපතිවරයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවුවත්, එම ගිනි අවිය මෙතෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කළේ. අතකොටා හෙවත්, අනිල් විජේසිංහ සහ තමන් අතර, විරසකයක් ඇති වීමට හේතු වූ කරුණ සම්බන්ධයෙන් පැහැදිලි කරමිනුයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සිදුකළ සංවාදය ආරම්භ කළේ.

[MP3]s63548[/MP3]                                                             

 
කෙසේ වෙතත්, නූරිවත්තේ ආරක්ෂාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මේ වනවිට තහවුරු කර තිබෙනවා. දැරණියගල පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරින් 20 දෙනෙකුට මේ වනවිට ස්ථානමාරුවීම් ලබාදී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories