මහා බ්‍රිතාන්‍යයේ අනාගතය රජෙකුට.

Tuesday, 23 July 2013 - 7:45

%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7.

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිද වන කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය නොහොත් කේට් මිඞ්ල්ටන් ඊයේ (22) පුත් කුමරෙකු බිහි කළා. බ්‍රිතාන්‍ය වේලාවෙන් ඊයේ පස්වරු 4.24ට ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේ දී උපත ලැබූ පුත් කුමරු රාත්තල් 8යි අවුන්ස 6ක බරකින් යුක්තයි. කේට් කුමරිය පුත් කුමරු බිහි කළේ විලිරුදාව හේතුවෙන් වින්නඹු කාමරයට ඇතුළු කර පැය 12කට පසුවයි. විලියම් කේට් යුවළගේ දරුවා බිහි වන පුවත වාර්තා කිරීම සඳහා සතියක් තිස්සේ ලන්ඩනයේ ශාන්ත මේරි රෝහල ඉදිරිපිට කඳවුරු බැද සිටි ලොව පුරා මාධ්‍යකරුවන්ට එය දීර්ඝ කාලයක් වුණා. රජ කුමරු බිහි වූ පුවත සාම්ප්‍රදායික ලෙස බකිංහැම් මාළිගයේ සදළුතලයේ ප්‍රදර්ශනය කෙරුණා. කේට් - විලියම් යුවළගේ මෙම පුත් කුමරු බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන තුන්වැන්නායි. මහරැජිණ විසින් සිදුකරන ලද විශේෂ ප්‍රතිපාදනයක් හේතුවෙන් කුමරුට මෙම තත්ත්වය හිමි වන අතර, හැරී කුමරු ඒ අනුව රාජකීය උරුමයේ 4 වන ස්ථානයට පත්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories