ඉන්දීය ධීවර නියෝජිතයන් අගෝස්තු 1 වන දා ශ්‍රී ලංකාවට.

Tuesday, 23 July 2013 - 12:54

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+1+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ඉන්දු - ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමේදී පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ධීවර නියෝජිතයන්ට ශ්‍රී ලංකාවෙන් නිළ ඇරයුමක් ලැබී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළා. තමිල්නාඩුවේ රාමේෂ්වරම් කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන ධීවර සංගම්වල නායකයන්ටයි සාකච්ඡා සඳහා එම ආරාධනාව ලැබී ඇත්තේ. එම සාකච්ඡා සඳහා එක්වන්නැයි තමිල්නාඩු ධීවර නියෝජිතයන් ප්‍රාන්ත රජයෙන් ද ඉල්ලීමක් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සිය ඉන්දීය චාරිකාවේ දී මෙම ධීවර නියෝජිතයන් සමග ද අදහස් හුවමාරුවක නිරත වුණා. තමිල්නාඩු යාන්ත්‍රික බෝට්ටු ධීවර සම්මේලනයේ දිස්ත්‍රික් ලේකම් බී. ජේසුරාජා පවසා ඇත්තේ ශ්‍රී ලංකා චාරිකාවේදී උතුරේ ධීවර ගම්මානවල චාරිකා කිරීම ද ඇරයුම් ලැබී ඇති බවයි. අගෝස්තු 1 වන දා සිට 7 වන දා දක්වා ශ්‍රී ලංකාවේ චාරිකා කිරීමට අදහස් කරන ඔවුන් තලෙයිමන්නාරම, යාපනය, මුලතිව් සහ කයිට්ස් දිවයිනේ සංචාරයන්හි නිරත වනු ඇති.

තමිල්නාඩු ධීවරයන්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව අප විමසා සිටියේ ධීවර දෙපාර්තමේන්තුවේ උපදේශක එස්.පී. අන්තෝනිමුත්තුගෙන්.

[MP3]s63583[/MP3]                                                                 
 
රාමේෂ්වරමේ මෙන්ම නාගපට්ටිනම් සහ කරිකාලයි ආදී දකුණු ඉන්දියාවේ ධීවර මධ්‍යස්ථානවල ධීවර සංගම් නියෝජිතයන් 19 දෙනෙකු ශ්‍රී  ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. 2004 සහ 2010 වසර වලදී ද ඉන්දු - ලංකා ධීවර නියෝජිත හමු පැවැත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories