ආචාර්ය පී.බී.ජයසුන්දරගෙන් අධිකරණයට ලිපියක්.

Tuesday, 23 July 2013 - 18:44

%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93.%E0%B6%B6%E0%B7%93.%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබුණත් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර වැට් බදු වංචා නඩුවට අදාළව සාක්ෂි දීමට කොළඹ මහාධිකරණය හමුවේ අද පෙනී සිටියේ නැහැ. ඔහු සිය නියෝජිතවරියක් මගින් ලිපියක් ඉදිරිපත් කරමින් දන්වා සිටියේ නඩුවට අදාළ වැට් වංචාව සිදුවූ කාලයේ තොරතුරු ගැන තමාගේ පෞද්ගලික දැනීමක් නොමැති බවයි.

සිතාසි ලැබූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසුන්දර අද අධිකරණය හමුවේ පෙනී සිටියා. විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබාදීමටයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය කැඳවා තිබුණේ. කොමසාරිස් ජනරාල්වරිය සාක්ෂි ලබාදෙමින් පවසා ඇත්තේ සිද්ධිය වන අවස්ථාව සම්බන්ධයෙන් තමාගේ පෞද්ගලික දැනීමක් නොමැති බවයි. එම තොරතුරු ලබාගැනීමට අදාළ අංශවල ප්‍රධාන නිලධාරීන් හතරදෙනෙකුගේ නම් ඇය අධිකරණයට ඉදිරිපත් කළා. ඒ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් පී.බී. ජයසේකර, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන ඩබලිව්.එස්.ඒ. කොස්තා, සෙල්ස්ටන් සොයිසා සහ තක්සේරුකරු වන එන්.පී. අබේසේකරයි. ඔවුන්ට විත්තිය වෙනුවෙන් සාක්ෂි ලබාදීමට සිතාසි නිකුත් කිරීමට අධිකරණය නියම කළා.

මෙම වැට් බදු වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින එකම විත්තිකරු වන්නේ හිටපු දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වන අංගම්පොඩි ඥාණසිරි ද සොයිසා ජයතිලකයි.

පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් බුවනෙක අළුවිහාරේ පෙනී සිටියා. ඔහු පැවසුවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඊළඟ දිනකදී නැවත අධිකරණයට කැඳවිය හැකි බවයි. දේශීය ආදායම් පනත අනුව ආදායම් දෙපාර්තමේන්තුවේ ලේඛණ වාර්තා පිළිබඳ හෙළි කරන්නේ නම් ඊට අධිකරණ නියෝගයක් අවශ්‍ය බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ තිලක් මාරපන පැවසුවේ දැනට මෙම නඩුවේ ආදායම් වාර්තා 1000 ක් පමණ අනාවරණ වී ඇති බවයි. පැමිණිල්ල දැන් නින්දෙන් අවදිවී කථා කරන බවද ඔහු සඳහන් කළා. නඩුව යළි හෙට දිනයේ කැඳවනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories