රූකා / ලේඛා යුවළට හිරිහැර කිරීමේ නඩුවේ තීන්දුව අද.

Wednesday, 24 July 2013 - 7:32

%E0%B6%BB%E0%B7%96%E0%B6%9A%E0%B7%8F+%2F+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B7%8F+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF.

මීට වසර 13කට පෙර ප්‍රසිද්ධ ගායකයෙකු සහ ගායිකාවක වන රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරාගේ මත්තේගොඩ නිවසට කඩා වැදී ඔවුන්ට හිරිහැර කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (24) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි පොලිස් නිළධාරීන් 11 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. අදාළ නඩුව අද (24) විභාගයට ගැනෙන්නේ පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන හමුවේයි.

 
2000 වසරේ ජනවාරි 26 වන දා නීතිවිරෝධී ලෙස අයුතු ජනරාශියක සාමාජිකයන් වී පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා ආයුධ සන්නද්ධව රූකාන්ත ගුණතිලකගේ මත්තේගොඩ නිවසට කඩා වැදී ඔවුන්්ට හිරිහැර කිරීමට අදාළව සැකකරුවන්ට චෝදනා ගොනු කර තිබුණා. රූකාන්ත ගුණතිලකගේ නිවසේ තිබූ ස්වර්ණාභරණ සහ ඔහුගේ ජීප් රථය පැහැර ගෙන යාම ඇතුළු අධි චෝදනා 09ක් එලෙස ගොනු කළේ නීතිපතිවරයා විසින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories