සුළං වේගය වැඩිවීමේ අවධානම තවදුරටත්.

Wednesday, 24 July 2013 - 7:36

%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

දිවයිනේ සහ දිවයින අවට මුහුදේ සුළෙඟ් වේගය ඉහළ යාමේ අවධානම ඉදිරි පැය 24 තුළත් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ද සුළං වේගය ඉහළ යා හැකියි. එසේම මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම වයඹ පළාතේ ද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පී‍්‍රතිකා ජයකොඩි ප්‍රකාශ කළා.

[MP3]s63629_1[/MP3]

මේ අතර,ලක්ෂපාන, කාසල්රී, ඉහළ කොත්මලේ, කැනියොන්, වික්ටෝරියා සහ මාවුස්සාකැළේ ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත පවතිනවා. එම නිසා මහවැලි ගෙඟ් සහ කැළණි ගෙඟ් ජල මට්ටම ඉහළ යා හැකි බැවින් එම ගංඟා අවට පහත්බිම්වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. ඒ පිළිබද අදහස් දක්වන එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

[MP3]s63629_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories