තවත් එ.ජා.ප. ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් 48 ක් ආණ්ඩුවට ඒමට සාකච්ඡා.

Wednesday, 24 July 2013 - 18:54

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+48+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F.

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමේ ප්‍රකාශය සිදුකිරීමෙන් පසු දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. දුමින්ද සිල්වා සහ මනූෂ නානායක්කාරද එක්ව සිටියා. වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ඇමති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේදැයි ආණ්ඩුවට එක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා.

[MP3]s63675_1[/MP3]            

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 48 දෙනෙකු ආණ්ඩුවට එක්වීම සඳහා දැනටමත් තමන් සමග සාකච්ඡා පවත්වා ඇති බවයි.

[MP3]s63675_2[/MP3]            

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සන්ධානයට එක්වීමට සූදානම් බව හිරු ප්‍රවෘත්ති අංශය මීට පෙර අවස්ථා කිහිපයකදීම අනාවරණ කළා. කෙසේ වෙතත් පිල් මාරුවට සූදානම් බවට වාර්තා පළවන දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඒ පිළිබඳව පසුගිය 16 වැනි අඟහරුවාදා විමසීමක් කළ අතර ඔහු දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

[MP3]s63675_3[/MP3]           

ඊට පසුව පැවති හිරු ටී.වී. බලය දේශපාලන වැඩසටහනට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පක්ෂ මාරු නොකරන බව තරයේ ප්‍රකාශ කළා. එහෙත් එහිදී අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඔහු ආණ්ඩුවට පැමිණෙන බව ස්ථිරවම සඳහන් කළේ මෙලෙසින්.

[MP3]s63675_4[/MP3]                     



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories